පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම් CID යට කැඳවයි

පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම් CID යට කැඳවයි

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා දේපල හානි සම්බන්ධව පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, සාපරාධී වගකීම් පැහැරහැර ඇතිබව විමර්ශනවලින් අනාවරණයවීමෙන් පසු ඔවුන්ට අද(02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැකකරුවන් ලෙස නම්කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පසුගිය දා ලිඛිතව දැනුම් දී තිබිණි.

නීතිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර සැකකරුවන් ලෙස නම්කර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසය.

ඊයේ දින තෙක් නීතිපතිවරයා විසින් සිදුකර ඇති දැනුම්දිම සම්බන්ධව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නීතිපතිවරයා නැවතවරක් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ දින සිහිකැඳවීමක් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn