ජනතා විමුක්ති පෙරමුණේ වීදි පිරෙන පාද සටනට ජනතාව සංවිධානය කිරීමේ සාකච්ඡා සභා මේ දිනවල සිදුකරමින් පවතින අතර එහි එක් අධියරක්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ඊයේ(29) පැවැත්විණි.
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ක්රියාකාරිකයන් ද සහභාගී වී ඇත.
එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් වීදි පිරෙන පාද සටනක් ආරම්භ කිරීමට නියමිත අතර එය ලබන 7 වැනිදා කළුතරන් ද 8 වැනිදා මොරටුව ප්‍රදේශයෙන්ද ආරම්භ කර නුගේගොඩ දක්වා පැමිණෙන බව පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.
නෝර්වුඩ් සහ බගවන්තලාව ඇතුළු ප්‍රදේශ කිහිපයක වතු කම්කරු ජනතාව දැනුවත් කිරීම ඊයේ දින සිදු කෙරුණු අතර අද දිනයේ ද ස්ථාන ගණනාවකදී ජනතාව සංවිධානය කිරීමේ කටයුතු සිදුවන බව වාර්තා වේ.
නෝර්වුඩ්
බගවන්තලාව – තෙරේසියාවත්ත
















