පාස්කු ඉරිදා(21) ප්‍රහාර මාලාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යට නිකුත් කර තිබූ සැකකරුවන් අතර සිටි මොහොමද් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ශාහිඩ් අබ්දුල්හක් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ගම්පොළ වෙළඳසැල තුල තිබී ජාතික තව්හිද් සංවිධානයේ නායක සහරාම් හෂීම්ගේ දේශන ඇතුළත් දෘඩ තැටි කිහිපයක් සොයාගෙන තිබේ.
ඊට අමතරව අයි. එස්. සාමාජිකයන් සිරියාවේ පුහුණුව ලබන වීඩියෝපට, විහාරස්ථානවල ඡායාරූප සහ ආගමික සංවිධානවල නියෝජිතයන් සම්බන්ධ තොරතුරු, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණුකරණ ආකාරය දැක්වෙන වීඩියෝපට ද පොලීසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්රතිමාවලට හානිකිරීමේ සිද්ධියට ද සම්බන්ධ සැකකරුවන් වේ. අත්අඩංගුවට ගත් සොහොයුරන්ගෙන් බාල සොහොයුරා දින 58ක් අයි.එස්. සංවිධානයේ පුහුණුවක් ද ලද අයෙක් බව හෙලිව ඇත.
සැකකරුවන් සැඟව සිටි ගම්පොල ප්‍රදේශයේ සපත්තු වෙළඳසැල ගම්පොල පොලිස් නිලධාරීන් විසින් අද විශේෂ පරීක්ෂාවකට ලක්කළ අතර එහි දෙවැනි මහලේ සපත්තු මහන මැෂිමක් තුළ සඟවා තිබිය දී මෙම දෘඩ තැටි සොයාගෙන තිබේ.










