වසර 200කට පසු ජීවතුන් අතර සිටියදී ජපාන අධිරාජ්‍යයෙකු සිය කිරුල අතරහැරීම අද(30) සිදුවේ.
85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා සිය 59 හැවිරිදි පුත් නරුහිතෝ කුමරු වෙත කිරුල ප්‍රධානය කිරීම අද සිදුවේ.
මේ හේතුවෙන් අද දින සිට දින 10ක නිවාඩු කාලයක් ජපානය තුළ ප්‍රකාශ කර ඇති අතර වැඩ කිරීමකින් තොරව කාලය ගත කිරීම ජපාන ජනතාවට විශේෂ අත්දැකීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
නරුහිතෝ කුමරු අධිරාජ්‍යයෙකු ලෙස කිරුළ පැළදීමේ උත්සවය ජපාන අධිරාජ්‍ය මැදුරක ඉතා උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට නියමිතව ඇත. අද ජපාන වේලාවෙන් පස්වරු 5.00ට මෙම උත්සවය ඇරඹීමට නියමිතව ඇත.
කිරුළ පැදීමෙන් පසු නරුහිතෝ කුමරු රෙයිවා ලෙසන් නම් දරනු ඇති අතර එය ජපානයේ නව රජ පෙළපතක ආරම්භය වේ.
Views: 0










