යාපනය, වඩමාරච්චි නැගෙනහිර අම්බාල් ප්‍රදේශයේ වල දමා තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් නිවසක ගෙබිම සකස් කිරීමේදී බැරලයක බහා වලලා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. ගෙහිමියා විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලීසිය පැමිණ එම ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.
පුපුරණ ද්‍රව්‍ය බහාලූ කොපු නමයක්, වයර් තොගයක්, ෆියුස් ඇතුළු උපකරණ තොගයක් ඒ තුළ තිබූ බව පොලීසිය පවසයි. පොලීසිය සැක පලකර සිටියේ මෙම ද්‍රව්‍ය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සඟවා ගිය ඒවා බවය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Views: 0










