සයින්දමරුදු ප්‍රහාරයේ වගකීම IS බාර ගනියි

සයින්දමරුදු ප්‍රහාරයේ වගකීම IS බාර ගනියි

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ වෙත තම සංවිධානයේ සාමාජිකයන් ප්‍රහාරයක් එල්ල කළ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර තිබේ.

අමාක් පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

බෝම්බ පුපුරුවාගැනීමට පෙර අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාරයක් එල්ල කළ බවත් එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිලධාරීන් 17 දෙනෙකු තුවාල ලබන්නට හෝ මියයන්නට ඇති බවත් අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අයි.එස්. සංවිධානය ඊට අදාල සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැත.

පසුගිය 26 වැනිදා රාත්‍රී කාලයේ මෙම වෙඩි හුවමාරුව සිදුවූ අතර ඊයේ උදෑසන සිදුකළ විමර්ශනවලදී 15 දෙනෙකුගේ මෘත දේහ ආරක්ෂක අංශ විසින් සොයා ගත්තේ ය. ඒ අතර කාන්තාවන් තිදෙනෙක් දරුවන් 6 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 6 දෙනෙකු වෙයි.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ තහවුරු කර සිටියේ කිසිඳු ආරක්ෂක අංශ නිලධාරියෙකු එම ප්‍රහාරයේදී අනතුරකට ලක් නොවූ බවය.

Facebook
Twitter
LinkedIn