අදත් රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය

අදත් රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය

අද(27) රාත්‍රී 10.00 සිට පසු දින අළුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ සඳහන් කර සිටියි.

පසුගිය ඉරිදා දින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ රටතුළ උද්ගතවූ අනාරක්ෂිත සහ ව්‍යාකූල වාතාවරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ද ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

තවදුරටත් ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව පිනිස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසයි.

Facebook
Twitter
LinkedIn