වෙඩි හුවමාරුවෙන් පසු මළ සිරුරු 15ක් සොයාගනියි – දරුවන්ගේ මළ සිරුරු 6ක් ඒ අතර

වෙඩි හුවමාරුවෙන් පසු මළ සිරුරු 15ක් සොයාගනියි – දරුවන්ගේ මළ සිරුරු 6ක් ඒ අතර

කල්මුණේ – සයින්දමාරු ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව මේ වනවිට පුද්ගල මළ සිරුරු 15ක් සොයාගෙන ඇත.

පිරිමි මළ සිරුරු 6ක්, කාන්තා මළ සිරුරු 3ක් සහ කුඩා ළමයින්ගේ මළ සිරුරු 6ක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුවූ අතර එහිදී නිවස තුළ යම් පිපිරීමක් සිදුව තිබේ. අද උදෑසන සිදුකළ පරීක්ෂා කිරීමේදී පුද්ගල මළසිරුරු 12ක් නිවස තුළ තිබී සොයාගෙන ඇති අතර නිවසින් පිටත තිබියදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ මල සිරුරු හමුවී තිබේ.

වැඩිදුර සෝදිසි කිරීම්වලදී බරපතල තත්වයේ පසුවූ කාන්තාවක් සහ කුඩා දරුවෙකු හමුව ඇති අතර ඔවුන් රෝහල් ගතකිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn