අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ(26) රාත්‍රියේ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක කෙරෙන මල සිරුරු 4ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා හඳුනා නොගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.
ආරක්ෂක අංශ සයින්දමර්දු ප්‍රදේශයේ සිදුකල විමර්ශනයක දී පුපුරණද්‍රව්‍ය ඇතුළු ත්රස්තවාදීන්ගේ බවට සැකකෙරෙන භාණ්ඩ රැසක් ඊයේ සොයාගත් අතර විමර්ශන අතරතුර වෙඩි හුවමාරුව ඇතිව තිබිණි.
අම්පාර කල්මුණේ ප්‍රදේශයේ ද යම් පිපිරීමක් සිදුවූ බව ආරක්ෂක අංශ පැවසීය.
මේ වනවිටත් කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස් බලප්‍රදේශවල යලි දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
Views: 0










