ත්‍රිරෝද රථයකින් සැකකටයුතු ලෙස ගමන්ගත් 3ක් පල්ලමින් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් සැකකටයුතු ලෙස ගමන්ගත් 3ක් පල්ලමින් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් සැක සහිතව ගමන් කළ තිදෙනෙකු පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පල්ලම පොලිසි අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කිසියම් මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින්ය යන සැකයෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් තිදෙනා කුරුණෑගල හා නම්මුවාව යන ප්‍රදේශයන්හි පංදිචි 30ත් 35ත් අතර වයස්වල පසුවන්නන් බව පැවසේ.

පසුගිය සතියක පමණ කාලයක සිට මදවක්කුලම ප්‍රදේශයේ ඔවුන් රැඳී සිටි බවත් කුලී ත්‍රිරෝද රථයකින් මදවක්කුලමේ සිට අතුරු මාර්ග ඔස්සේ කුරුණෑගල බලා ගමන් ගත් බවත් පොලිසිය පවසයි.

මෙම තිදෙනා අයි.එස්.අයි.එස් හෝ ජීහාඩ් වැනි අන්තවාදී සංවිධානයක සාමාජිකයින් බවට වන සැකයක් ඇති වූ බැවින් තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn