කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් සමග සන්නද්ධ කණ්ඩායමක් රාත්‍රී 7.00ට පමණ වෙඩි හුවමාරුවක් සිදුකරගෙන තිබේ.
ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පිපිරුම් තුනක්ද සිදූවී ඇති බව වාර්තා වේ.
මෙම සෝදිසි මෙහෙයුමේදි පුපුරණ ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් තිබු ගබඩාවක් සොයා ගෙන ඇති අතර එහි තිබි ත්රස්තවාදීන් බාවිතා කළ ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ.
සෝදිසි මෙහෙයුම් සිදු කළ අවස්ථාවේ කල්හුණේ ප්‍රදේශයෙන් පිපිරීම් හඬක් ඇසී ඇති අතර ඒ අනුව එම ප්‍රදේශය වැටලීමක් සිදු කර ඇත.
එම අවස්ථාවේදි එම පිරිස සහ යුද හමුදාවත් පොලිසියත් සමග වෙඩි හුවමාරුවක් සිදු වී තිබේ.
එහි ත්රස්තවාදීන් 03ත් 06ත් අතර පිරිසක් සිටින්නට ඇති බවට ආරක්ෂක අංශ සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කල්මුණේ, සමන්තුරේ, චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.










