පුරවැසි වගකීම ඉටු කිරීමට පෙරට ආ යුතුයි

පුරවැසි වගකීම ඉටු කිරීමට පෙරට ආ යුතුයි

අද(21) උදෑසන සිට තැනින් තැන සිදුවූ හදිසි පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියළු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සහ විදේශිකයන් සම්බන්ධව සිය සංවේගය පළකර සිටින බව ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

එසේම මෙම ප්‍රහාර මාලාව සම්බන්ධව ආණ්ඩුව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් අපරාධයට සම්බන්ධ සැබෑ වගඋත්තරකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර ඇත.

ඇතිව තිබෙන ව්‍යාකූලත්වය විවිධ පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විවිධ පුද්ගලයන් උත්සාහ දැරිය හැකි බවත් ඒ පිළිබඳව වඩාත් අවධානයෙන් ක්‍රියාකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

එසේම මේ වනවිට රටතුළ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමට මහා සංඝරත්නය, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගමික නායකත්වයේ සුවිශේෂ වගකීමක් බව ද ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළවේ…

Facebook
Twitter
LinkedIn