බෝම්බ පිපිරීම්වලින් මියගිය පිරිස 65 දක්වා ඉහළට ( update)

බෝම්බ පිපිරීම්වලින් මියගිය පිරිස 65 දක්වා ඉහළට ( update)

update

මඩකලපුව දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් 300කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. එසේම එම දේවස්ථානයේ පිපිරීමෙන් 25 දෙනෙකු පමණ මියගොස් ඇති බව ද වර්තා වේ.

එසේම කොළඹ ප්‍රදේශ අවට සිදුවූ පිපිරීමෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අනුව පිපිරීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 65ක් බව මේ වනවිට වාර්තා වේ.

තුවාලකරුවන් තවදුරටත් රැගෙන එමින් පවතී.

මේ සම්බන්ධව පොලිස් විමර්ශන මේ වනවිටත් සිදුවෙමින් පවතින බවත් පිපිරීම් සිදුවූ ස්ථානවෙත සහ රෝහල් පරිශ්‍රවෙත එක්රැස්වීමෙන් වලකින්නැයි පොලීසිය ඉල්ලා සිටියි.

එසේ එක්රැස්වීමෙන් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ විමර්ශන කටයුතුවලට දැඩිව බාධාවන බව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පවසයි.

——————————————————————————————————————–

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි හෝටල් පරිශ්‍ර ආසන්නව ද පිපිරීම් සිදුව තිබේ.

මේ අනුුව දැනට කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකත් මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකත් බෝම්බ පිපිරීම් සිදුවිනි.

කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ රෝහළවෙත මේ වනවිට 150කට අධික පිරිසක් රැගෙනවිත් පැමිණ ඇති බවත් ඉන් 45ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය.

තව දුරටත් තුවාලකරුවන් රැගෙන එමින් ඇත.

Facebook
Twitter
LinkedIn