ගෝලීය සමුද්‍ර දූෂණයට වගකිවයුතු ප්‍රධාන රටවල් 8 අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව ලෝ ප්‍රකට බ්ලුම්බර්ග් ජාත්‍යන්තර සඟරාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
සඟරාව මගින් හෙලිදරව් කර ඇති සමුද්‍ර දූෂණයට වගකිවයුතු ප්‍රධාන රටවල් අතර ආසියාතික රටවල් 7කට චෝදනා එල්ලකර ඇත. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය, ඊජිප්තුව, මැලේසියාව හා ශ්‍රී ලංකාව මෙම රටවල් ලෙස බ්ලුම්බර්ග් සඟරාව දක්වා තිබේ.
සාගරයට එකතුවන සමස්ථ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 63%ක ප්‍රමාණයක් මෙම රටවල් 8 මගින් මුදාහරිනු ලබයි.
සඟරාව චෝදනා කර සිටින්නේ මෙම රටවල් සඳහා අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්ධව නිසි රාජ්‍ය යාන්ත්‍රණයක් හෝ ස්ථිර වැඩපිළිවෙලක් නොමැති බවය. ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ සැළසුම් මෙම රටවල් 8 ඇතිකරගන්නේ නම් ගෝලීය සමුද්‍ර දූෂණයෙන් 20%ක ප්‍රමාණයක් අඩුකර ගත හැකි බව ද බ්ලූම්බර්ග් සඟරාව පෙන්වා දෙයි.










