ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන රට දිනවන අභියෝගයට අපි සූදානම් සම්මන්ත්රණ මාලාවට සමඟාමීව කැනඩාවේ ඔටාවා නගරයේදී ද සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි.
මෙම සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුව මගින් සංවිධානය කර තිබිණි.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් පැවැත්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ ඔටාවා කමිටුවේ සංවිධායක ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, කමිටු නියෝජිත මහින්ද පියසිරි මහතා ඇතුළු නියෝජිතයන් රැසක් ද සම්මන්ත්‍රණයට එක්ව සිටියහ.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ අතර ශ්‍රී ලංකාව ගොඩනැගීමට අදාල වැඩපිළිවෙළ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ උනුසුම් ප්‍රතිචාර ලැබී තිබිණි.
Views: 0















