මහියංගනය ප්රදේශයේදී අද(17) අලුයම 1.30ට පමණ පෞද්ගලික බස්රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකුට ජීවිත අහිමිවී ඇතැවි පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් දස දෙනෙකු. ඒ අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් ද වේ.
වෑන් රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර බරපතල තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙක් මහියංගන රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු වෑන් රථයක, මහියංගනය ජාතික පාසල ඉදිරීපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්රියාත්මක වේ.
Views: 0










