ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් මධූෂ්ගේ ඥාතියෙක් ඇතුළු 6ක් දිවයිනට

ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් මධූෂ්ගේ ඥාතියෙක් ඇතුළු 6ක් දිවයිනට

ඩුබායි හි පැවති පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමඟ සිටි පිරිසක් අද(17) අලුයම 4.45 ට පමණ දිවයිනට පැමිණ තිබේ.

ඩුබායි අත්අඩංගුවේ පසුවී මෙරටට පිටුවහල් කිරීමෙන් පසු පිරිස යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

මේවන විට පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ඇති  අතර ඔවුන් අතර මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකු සිටින බව පොලීසිය සඳහන් කළේය.

හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද මෙරටට පිටුවහල් කෙරුණු අතර මේ වනවිට පුද්ගලයින් 21 දෙනෙකු පිටුවහල් කර තිබේ. ඒ අතර ගායන ශිල්පී නදිමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූවන්, පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ඇතුළු පිරිසක් ද වේ.

Facebook
Twitter
LinkedIn