ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුවේ සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්නේ ආරාධනාවක් අනුව මේ දිනවව කැනඩාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගිය 13 වනදා සවස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පැවැත්විණි.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව විසින් උත්සවයක් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී අනුර දිසානායක මහතා වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුවටද ආරාධනය කර තිබුණි.
මෙම උත්සවයේදී ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතාට, පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ජාතිවාදයට විරුද්ධව කරන අරගලය ඇගයීමට ලක් කළ අතර ලංකාවේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් කරන අරගලය වෙනුවෙන්ද විශේෂ උපහාරයක්ද කරන ලදී.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුවේ සංවිධායක නිහාල් ප්‍රේමලාල් මහතාත් එහි නියෝජිතයින් පිරිසකුත් සහභාගී වූ අතර ටොරොන්ටෝ නුවර වෙසෙන මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.




















