වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී සයනයිට් කුප්පි 2ක් සහ සිලින්ජර දෙකක් සොයාගෙන ඇත.
පිටස්තර පුද්ගලයෙකු විසින් රැඳවියෙකු වෙත සයනයිට් කුප්පි 2ක් සහ සිලින්ජර දෙකක් ලබාදී ඇති බවට ලද තොරතුරක් මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
අදාල ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සමන් පුෂ්පකුමාර නොහොත් මරාල සුරංග යන අයයි.
විරුද්ධ කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමට මෙම ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත.
අත්අඩංගුවට ගත් සයනයිඩ් කුප්පි 2 සහ සිලින්ජර වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසිය භාරයට ගෙන ඇත.
Views: 0










