කුඩු ජාවාරමට අත්අඩංගුවට ගත් මහින්දගේ මන්ත්‍රීගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි  

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී ඩබ්.එස් ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක අවසර ලබා දී තිබේ.

පසුගිය මස 23දා මීගමුවේදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර එහිදී කරනු ලැබූ විමර්ශනවලට අදාළව හෙරොයින් ජාවාරමේ නිරතවීම යටතේ මෙම මන්ත්‍රීවරයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ සිට ඉන් පිටතට පැමිණි අවස්ථාවකදීය.

නාගරික මන්ත්‍රීවරයා පසුගිය දිනවල පොලිසිය මහරිමින් සැඟවී ජීවිත්වී ඇති නමුත් ඒ අතර කාලයේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසට යන එන බවට රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට ඔහු පිටතට පැමිණි සැනින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn