සමාජ රක්ෂණ ප්‍රතිලාභ අරමුදල ලබා දෙන්නැයි ඉල්ලා මහජන පෙත්සමක් බාරදෙයි

සමාජ රක්ෂණ ප්‍රතිලාභ අරමුදල ලබා දෙන්නැයි ඉල්ලා මහජන පෙත්සමක් බාරදෙයි

සමාජ රක්ෂණ ප්‍රතිලාභ අරමුදල ලබාගැනීම සඳහා අද (09) දින පැවති උද්ඝොෂණයෙන් පසු සයිප්‍රස් හිදී සහ මෙරටදී අත්සන් කරනු ලැබූ මහජන පෙත්සමක් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට භාර දෙන ලදී.

සයිප්‍රස් බලධාරීන්ද සමග සාකච්ඡා කර අදාළ අරමුදල මෙරටට ලබා ගැනීම සඳහා සාකච්ඡා සිදු කරන බවත් ඒ සඳහා මැදිහත්වන බවත් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පොරොන්දු විය.

සමාජ රක්ෂණ ප්‍රතිලාබ ලබාගැනීම සඳහා සයිප්‍රස් ශ්‍රී ලංකික එකමුතුවේ ඉල්ලීම මත එතෙර අපි සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සහ මහජන පෙත්සම බාර දීම සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සංවිධායක සංජීව මුණසිංහ, භාණ්ඩාගාරික නීතීඥ ජානක අධිකාරි යන මහත්වරු සහ සමාජ රක්ෂණ ප්‍රතිලාබ ලබාගැනීම සඳහා සයිප්‍රස් ශ්‍රී ලංකික එකමුතුවේ කැඳවුම්කරු ශ්‍රියානි කුමාරගේ, එහි සම්බන්ධීකාරක රෝහිත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

මීට අමතරව සයිප්‍රස් හි වසර ගණනාවක් සේවය කර නැවත ලංකාවට පැමිණ සිටින බෝහෝ පිරිසක්ද ඊට එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn