මධූෂ්ගේ ඩුබායි සාදයේ සිටියදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ මොහොමඩ් ජබීර් මුදාහරියි

මධූෂ්ගේ ඩුබායි සාදයේ සිටියදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ මොහොමඩ් ජබීර් මුදාහරියි

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු 30 හැවිරිදි මොහොමඩ් ජබීර් පොලිස් අපරාධ විමර්ශන ඒකකයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද(09) මුදාහර තිබේ.

ඩුබායි අත්අඩංගුවේ පසුවී මෙරටට පිටුවහල් කිරීමෙන් පසු, 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් සහ 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් යන අය ඊයේ දින අත්අඩංගුවට ගත්තේය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් මුදාහැර තිබේ.

Facebook
Twitter
LinkedIn