අද(09) සවස් කාලයේ ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනි තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර, එම තත්ත්වය නැගෙනහිර පළාතට හා මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකි බව නිවේදනයේ සඳහන් වේ.
වැසි සමඟ ප්‍රභල අකුණු ද ඇතිවිය හැකි අතර තද සුළං තත්වයක් ද බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල සුර්යයා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පිහිටා තිබේ.
ඒ අනුව අද දිනයේ දී දහවල් 12.11 වන විට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරියනිලවානෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.









