මධූෂ්ගේ සාදයේ සිටි තවත් දෙදෙනෙක් දිවයිනට

මධූෂ්ගේ සාදයේ සිටි තවත් දෙදෙනෙක් දිවයිනට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයේ සිටියදී පසුගිය පෙබරවාරි 5 වැනිදා අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් පසුු අද(08) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 226 දරන යානයෙන් අලුයම 5.10ට පමණ මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවී ඇති අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මාලිගාවත්තේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් සහ කෙළඹ 10 ජුම්මා මස්ජිඩ් පාරේ පදිංචි 30 හැවිරිදි හොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මේ වනවිට මාකඳුරේ මධූෂ් සමඟ සිටි 15 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති අතර ඔවුන් අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන්, පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ද වේ.

මේ අතර මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට මෙරට විදේශ කටයුතු පිළිබඳ ඇමති තිලක් මාරපන ඇතුළු කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් සිටින අතර එරට විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ නීති විරෝධීව මධූෂ් ඩුබායිහි රැදී සිටීම ඇතුළු කාරනාවන්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවය.

Facebook
Twitter
LinkedIn