තම පියා ඝාතනයට ඇමරිකානු පුරවැසියෙකු වන ගොඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු බව සඳහන් කරමින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ දියණිය වන ඇමරිකන් පුරවැසි අහිම්සා වික්රමතුංග මෙනවිය විසින් ඇමරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති පෙත්සමකට අනුව එම අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි බාරදී ඇතැයි වාර්තා වේ.
පැවති මහින්ද රාජපක්ෂ සමයේ මෙම ඝාතනය සිදු වූ අතර ගෝඨභය රාජපක්ෂ මහතා ඒ වනවිට රාජ්ය ආරක්ෂ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
රනිල් – මෛත්රී ආණ්ඩුව බලයට පැමිණෙන විට ලසන්ත වික්රමතුංග ඝාතනයද මැතිවරණ වේදිකාවේ විශේෂ මාතෘකාවක් වූ අතර පසුව අධිකරණය ක්රියාමාර්ගද ඇරඹිණි. කෙසේ නමුත් එම ක්රියාමාර්ග ඉතාමත් මන්දගාමීව සිදුවන අතර ගොඨාභය රාජපක්ෂ පාර්ශවයෙන්ද විවිධ උප්පරවැට්ටි යොදමින් අධිකරණමය ක්රියාමාර්ග දිග්ගස්සමින් තිබේ.
එමෙන්ම එහි විමර්ශන කටයුතුද මේ වනවිට ඉතාමත් මන්දගාමී තත්වයකට පත්ව ඇති අයුරු දක්නට ඇත.
ලසන්ත වික්රමතුංග මහතාගේ ඝාතකයින් කවුරුන්දැයි තමා දන්නා බවත් ලසන්ත වික්රමතුංග මහතාගේ දියණිය ශ්රී ලංකාවට පැමිණ තමා හමුවීමට පැමිණියහොත් තමන් එම ඝාතකයා කවුරුන්ද යන්න ඇයට හෙළි කිරීමට සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි මාසයේදී පුවත්පතකට ප්රකාශ කර තිබිණි.
එයට ප්රතිචාර දක්වමින් ලසන්ත වික්රමතුංග මහතාගේ දියණිය Sunday Observer පුවත්පතේ ලිපියක් පල කරමින් සඳහන් කර තිබුනේ “ඔහු කියන්නේ ඇත්ත බව මට විශ්වාසයි. මගේ පියා ඝාතනය කළේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලිවම දන්නවා ඇති. මම පොලිසිය නෙවෙයි. ඔහු එය ප්රකාශ කළ යුත්තේ CIDයටයි. ඝාතනයේ සැකකරුවන්ට රාජතාන්ත්රික තනතුරු ලබා නොදී එම ඝාතකයන් පිළිබඳව ඝාතනය සිදුවූ මොහොතේම හෙළි කළ යුතුව තිබුනා”. යනුවෙනි.













