බ්ලූමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

බ්ලූමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

අද(06) පස්වරු 3.00ට පමණ බ්ලූමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක් හටගත් අතර මේ වනවිට ගිනි නිවන හමුදාවේ සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් එය නිවාදමා තිබේ.

කුණු කන්දේ වරාය දෙසට වන්නට පිහිටි කොටසේ ගින්න හටගෙන තිබූ අතර පැය දෙකකට අධික කාලයක් පැවත තිබේ.

ගින්න මැඩ පැවැත්විම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 06 යොදවා තිබූ අතර ශ්‍රි ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

Facebook
Twitter
LinkedIn