ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරිකයන් පිරිසක් අද(06) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ඒ.ඒ.ඒ. ලතීෆ් මහතා ඇතුළු පිරිසක් මෙලෙස සිය පක්ෂය මාරුකර ඇති අතර දොඩම්ගස්ලන්ද ආසනය වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟකළ අපේක්ෂකයින් 21 දෙනෙකු ද ඊට ඇතුළත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිවූ කළකිරීම හේතුවෙන් මෙම හැරයාම තීරණය කළ බවත් ශ්‍රීලනිපය මේ වනවිට පක්ෂ සාමාජිකයන් අතරමං කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.
Views: 0










