හිටපු අග විනිසදුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, දේශපාලන මණ්ඩල සභික පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාට මැයි මස 05වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නොතීසි නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීසි නිකුත් කළේ හිටපු අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකු කළ රිට් ආඥාව ඉවත දැමීමට නීතිපතිවරයා විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
මෙම අභියාචන පෙත්සම සලකා බලනු ලැබුවේ සලීම් මර්ෂුක්, සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
Views: 0









