රජයේ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ විදුලිබිල් පත් රජයේ මුදලින් ගෙවන බව අමාත්‍යාංශවල අභ්‍යන්තර විගණන අංශ වාර්තා සඳහන් කරයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ වර්තමාන සභාපති වන ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසේ 2013 ජනවාරි මාසයේ විදුලි බිල වූ රුපියල් 61,000ක මුදලක්ද, පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් 51,000ක විදුලිබිලද රජයේ මුදලින් ගෙවා ඇතැයි එම අමාත්‍යාංශ විගණනවාර්තාවේ සඳහන්වේ.
බොහෝ ඇමැතිවරුන්ගේ විදුලි බිල්පත් පමණක් නොව ජල බිල්පත් ඇතුළු සියලු බිල් රජයේ මුදලින් පියවන බවද අමාත්‍යාංශවල විගණන අංශ සඳහන් කරයි.
Views: 0









