උප නගරාධිපති PCගේ මුහුණ විකලා

රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී පෙරේදා (26) පොලිස් කොස්තාපල් වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි රත්නපුර නගරසභාවේ උප නගරාධිපති නිලන්ත රොෂාන් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රථවාහන නඩුවක් සම්බන්ධ ප්‍රශ්නයකදී රත්නපුර බස් නැවතුම්පළේ දී අදාළ පහරදීම සිදුව ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීවරයා ප්‍රතිකාර සඳහා රත්තපුර රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපතිවරයාද තමාට අදාළ පොලිස් නිලධාරීවරයා පහර දුන් බව පවසමින් රෝහල් ගත සිටී.

රත්නපුර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn