නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
එම අනතුරින් කාන්තාවක් දෙදෙනකු, අවුරුදු දෙකක දරුවකු හා වෑන් රියේ ගමන් කළ කතෝලික පියතුමකු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
තුවාලකරුවෝ 06 දෙනෙකු වතුපිටිවල සහ ගම්පහ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.
මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
Views: 1









