මහව පොලිස් බලප්‍රදේශයේ දැදුරු ඔය ව්‍යාපෘතියේ බැම්ම අසලදී තරුණියන් දෙදෙනෙකු 6දෙනෙකු විසින් දූෂණයකට ලක්කිරීම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
එම තරුණියන් දෙදෙනා වයස අවුරුදු 16 සහ 20 යන වයස්වල පසුවන කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු බවත් පැවසේ.
තරුණියන් දෙදෙනාගේ පෙම්වතුන් විසින් පළමුව ඔවුන් දූෂණයට ලක්කර ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තරුණියන් දෙදෙනා දූෂණය කර තිබේ.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, තරුණියන් දෙදෙනා කුරුණෑගල මහරෝහලේ ප්‍රතිකාර ලබයි.
Views: 0









