ගුවන්තොටුපොලේ ධාවන පථය මගහැරුණු බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අසල පිහිටි මුහුදට ගොඩබා ජීවිත රැසක් බේරාගැනීමේ සිදුවීමක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
ඉන්දුනීසියාවේ බටහිර ජාවා දුපතේ සිට බාලි දුපත කරා ගුවන් මගීන් 101 ක් සහ සේවකයන් 7 ක් සමග ගුවන්ගත වූ ලයන් එයාර් ගුවන්යානය බාලි ගුවන් තොට වෙත ගොඩබැස්සවීම සදහා සූදානම් වීමේදී මිටර් 50 ක පමණ උසකින් ගුවන් ධාවන පථය මගහැරී ගොස් ඇත. පසුව ගුවන් තොටුපොල අසල ඇති මුහුදට ගොඩබා ඇති ගුවන් යානය මුහුදෙන් මතුවී තිබූ විශාල ගල්වැටියක හැපී දෙකට කැඞී ඇත.පොලීසිය ඇතුළු සහනසේවා කන්ඩායම් විසින් ඩිංගි බෝට්ටු යොදවා අනතුරට පත් යානාවේ සිටි පිරිස බේරාගෙන ඇති අතර අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුවී නැතැයි ඉන්දුනීසියානු ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි.
Views: 0









