මේ දිනවල මුළුමහත් ලෝකයාම උණුසුම් කරමින් පැතිරීයන ප්‍රවෘත්තියක් වන්නේ සමාජවාදී උතුරුකොරියාවත් ධනවාදී දකුණු කොරියාවත් අතර උත්සන්නවෙමින් පවතින යුදවාතාවරණයයි.
සමාජවාදී උතුරු කොරියාව මේ වනවිට චීනය දෙසින් ඇති තම දේශසීමා සියල්ල වසා දමා ඇති අතර දකුණු කොරියාවේ ජීවත්වන සියලුම විදේශීකයන්ට එරටන් පිටව යන ලෙසත් ප්‍රකාශකර සිටියාය.
කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ උදව් උපකාර ලබන ධනවාදී දකුරනු කොරියාව පවසන්නේ තම යුධශක්තිය අනුව සමාජවාදී උතුරු කොරියාවේ අවිවලට මුහුණදිය හැකි බවයි.
කෙසේ නමුත් ඉදිරියේදී ඕනෑම මොහොතක ධනවාදී දකුරනු කොරියාවට පහරදීම සඳහා සමාජවාදී උතුරු කොරියාවේ ආරක්ෂක අංශ වෙත එරට ජනතා රජයෙන් අවරස ලැබී ඇත.
මේ අතර පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් වැන්ඩෙන්බර්ග් කඳවුරේදී සූදානම් කරන ලද අන්තර මහත්ද්වීපික බැස්ටික් මිසයිල අත්හදා බැලීමක් කල් දැමූ බව ඔවුන් විසින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබේ.
පහතින් පළවන්නේ දෙරටම සතුව ඇති අවි බලය සම්බන්ද සංඛ්‍යාලෙකණ විශ්ලේශනයකි.
උතුරු කොරියාව දකුණු කොරියාව
ජනගහනය 24,457,492 48,754,657
හමුදා භටයන් 1,190,000 655,000
සන්නද්ධ භටයන් 189,000 4,500
අමතර භටයන් 600,000 4,500,000
අමතර සන්නද්ධ භටයන් 5,700,000 3,000,000
පාබල හමුදා
ප‍්‍රධාන යුද ටැංකි 3,500+ 2,414
සැහැල්ලු යුද ටැංකි 580+ 00
හමුදා ප‍්‍රවාහ රථ 2,500+ 2,495
කාල තුවක්කු 21,000+ 11,038+
හමුදා හෙලිකොප්ටර් 00 475
නාවික හමුදා
ප‍්‍රධාන නෞකා 03 28
නිරීක්ෂණ යාත‍්‍රා 383 110
සහායක නෞකා 23 24
බෝම්බ ඉවත් කරන යාත‍්‍රා 24 10
සබ්මැරීන 72 23
ගුවන් හමුදා
ප‍්‍රහාරක ගුව යානා 523+ 482
හෙලිකොප්ටර් 302 49+
ඩ්‍රෝන යානා 00 103+
ප‍්‍රවාහන ගුව යානා 217 33
න්‍යෂ්ටික අවි 12-13 00









