ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකාවේදී පැවැත්වූ අප්‍රේල් විරු සමරුවට සමාන්තරව කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදීද අප්‍රේල් විරුසැමරුමක් සංවිධානය කර තිබිණි.
පසුගිය අප්‍රේල් 05වනදා ජවිපෙ විසින් කුරුණෑගලදී පැවැත්වූ අප්‍රේල් විරු සමරුවට අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවූ එම පිරිසද සමරු ස්මාරකයකට පුෂ්පෝපාහාර දක්වා, පහන්දල්වා සමරුවට සහභාගී වීය. එරටය යේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් එයට සභාගී වී සිටියහ.
එම අවස්ථාවට කටාර් සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක අනුර හෙට්ටිගොඩ ඇතුළු පක්ෂ සමාජිකයින්ද සම්බන්ධ විය.






Views: 0









