හිටපු අගවිනිසුරු අචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නොදුරේදීම රට හැර යාමේ සූදානමක් පවතින්නේ යැයි රජයේ පුවත්පතක් වන ‘දිනමිණ‘ පුවත්පතේ පලවී ඇති වාර්තාව කිසිදු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු අවධාරණය කර සිටියේය.
මෙරට 43වන අගවිනිසුරුවරිය වන ඇයට එරෙහිව මේ දිනවල අල්ලස් චෝදනා විභාග වන බැවින් ඇය රටින් පැනයාමේ සූදානමකින් සිටින බවට එම පුවතේ සඳහන් විය.
අගවිනිසුරු අචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවතින චෝදනාවලට මුහුණදීමට නොහැකිව මෙසේ ඇය රට අතහැර යන බවට ‘දිනමිණ‘ පුවත්පතේ පලවී තිබූ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇයගේ නීතීඥ කණ්ඩායමේ සාමාජික මහතෙකුගෙන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව අවධාරණය කර තිබේ.
Views: 0









