සාලියවැව – විළඳගොඩ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ අනුරාධපුරගේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අද (09) දහවල් සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ කලක් ගදොළුකන්ද විහාරස්ථානගේ ද වැඩ සිට ඇත.
උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානගේ සිට පිටතට වැඩම කරමින් සිටින විට සතුන්ට ඇටවු ගිනි අවියකට ගොදුරු වන්නට ඇතැයි දැනට කරන ලද විමර්ශනවල දී හෙළිවූ බව සාලියවැව පොලීසිය පවසයි.
තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව පුත්තලම මුලික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කරයි.
සාලියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Views: 0









