සිංහල දෙමළ අලූත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනෙකුට ඉතා වැදගත් උත්සව කාලයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වාසය කරන අපට අපේ‍්‍රල් මාසය වැදගත් වන්නේ සිංහල, දෙමළ අලූත් අවුරුද්ද නිසාමය. මහරැජිනගේ ආණ්ඩුවකට විරුද්ධව සිදු වූ ප්‍රථම සන්නද්ධ අරගලය සිදුවූයේ මේ මාසයේ වීමද විප්ලවීය බලාපොරොත්තු තබාගෙන සිටින බොහෝ දෙනෙකුට ආස්වාදයක් සපයයි. එහෙත් අපේ ප්රස්තුත මාතෘකාව වන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සමග සම්බන්ධ අපේ ජිවිත අද දවසේදී මේ උත්සව කාලයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකාබැලීම ඉතා වටී.
ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පටන් පැවැත එන සංස්කෘතික උත්සවයක් වන අවුරුද්දට නැකැත් කිහිපයක් ඇත. පැරණි කාලයේ මෙම නැකැත් වේලාවන් මහජනතාවට දන්වන්නේ රටේ රජතුමා විසිනි. රජතුමා විසින් ප්‍රකාශයට පත්කරන අවුරුදු කාලයේ නැකැත් චාරිත්‍රවලට අනුව ජනතාව තම අලූත් අවුරුදු චාරිත්රවාරිත්ර ඉටු කරයි. මේ සම්ප්රදාය අද ද ශ්‍රී ලංකාවේ භාවිත කරන අතර අපට නැකැත් ලැබෙන තුරු අප නොඉවසිල්ලේ බලා සිටිමු. රජය හරහා නිල උත්සවයක් මගින් මේ නැකැත් අප අතට පත්වන්නේ අවුරුද්ද සැමරීමට අවශ්‍ය කරන එකම අත්‍යවශ්‍ය දේ රජයෙන් ලැබෙන පරිදිය. එහෙත් හිඟන ශ්‍රී ලංකාවේ වෙසෙන (සමාවෙන්න ණය සහ ආධාර නැත්නම් ලංකාව වසා දමා බොහෝ කල්ය) අපට මේ අවුරුදු කාලය සැමරීමට අදාළ ආර්ථික හැකියාව බහුතරයකට තිබේදැයි සහ ලැබේදැයි යන්න ගැන සලකා බැලීම වටී.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදයම සහ ඒක පුද්ගල ණය මට්ටම ගැන සලකා බලන කල අපට පැහැදිලි වන බොහෝ කරුණු කාරණා ඇත. දිනකට ඩොලර් 2 ක ආදායමක් ලබන (දළ වශයෙන් මසකට රු.7,800ක්* පුද්ගලයන් සිටින රු. 300,000 ක ඒක පුද්ගල ණයකට උරුමකම් කියන ජනතාවක් සිටින රටක උත්සව සමරන්නේ කෙසේද යන ගැටලූව පැන නගී. ඒ අතරම ජාතික ආදායමෙන් 90% ක් බෙදීයන්නේ 10%ක් පමණ කොටසකට වන අතර ජාතික ආදායමෙන් 10% ක් බෙදීයන්නේ 90%ක් අතරය. ඉහත ආකාරයට ලංකාවේ ආදායම් බෙදීයෑමේ හේතුවෙන් ජනතාවගෙන් 10%ක කොටසකට මෙසේ උත්සව සැමරීමේ ගැටලූවක් පැන නොනගී. ගැටලූව පැන නගින්නේ ඉතිරි කොටසටය. වසර පුරාම දිළිඳු බවෙන් පීඩා විඳින මිනිසුන්ට තමන්ගේ දෛනික වියදම් වන වතුර බිල්, විදුලි බිල්, සෞඛ්‍ය සඳහා දරන වියදම් සහ ආහාර පාන සඳහා වියදම් කල විට බොහෝ අයගේ ඉතිරි ශේෂය සෘණ බවට පත්වේ. එය රටේ අය – වැයට බොහෝ සමානය. එවිට ඉතිරි හිඟ ශේෂය පියවා ගැනීමට සිදුවන්නේ කාර්යාලයෙන් ලබා ගන්නා ණයකින් හෝ වෙනත් ණය උපක්‍රම වන ක්‍රෙඩිට් කාඞ් පත්‍රයකින් හෝ පොලියට මුදල් ලබා ගැනීමෙනි. මෙසේ දිගින් දිගටම ණය වී ජිවිත ගෙන යනු ලබන බහුතරය වෙසෙන ලාංකීය ජන ජිවිතයට මෙවැනි අවුරුදු කාලයන්ද තම ණය පරිමාව ඉහළ දැමීමට මහඟු උපකාරයක් කරනවා ඇත. දැනට ලංකාවේ රැකියාකර ජිවත්වන පුද්ගලයන්ගේ කිසිදු ණයක් නොමැතිව ජිවත් වන පුද්ගලයෙක් සොයාගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයාගන්නා තරම්වත් ලෙහෙසි නැත.
වෙළෙඳපොළ ක්‍රමය මගින් හුදකලා සහ ආත්මර්ථකාමී කරන ලද ලාංකීය ජන ජිවිතයට මෙවැනි උත්සව යම් තරමකින් හෝ සහනයක් සපයයි. එහෙත් මෙහි ඇති ඛේදවාචකය එවන් සංස්කෘතික වටිනාකමක් උකහා ගෙන සතුටින් එය විඳගැනීමට සමත් ආර්ථික වටපිටාවක් අප සතුද යන්නයි. බොහෝ ආයතනවල අපේ‍්‍රල් මස අවුරුද්දට පෙර අපේ‍්‍රල් මාසයේ වැටුප ලබා දේ. එයින් අදහස් වන්නේ තම මාසික වැටුප නොලැබුණහොත් මෙවැනි උත්සවයක් සැමරීමට අවස්ථාවක් නොමැති බවයි. එහි දෙවන තර්කය පුද්ගලයන්ට ලැබෙන වැටුප මසක් ජීවත්වීමට සහ එවන් සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත්ද යන්නයි. එසේ වැටුප මාසයේ වියදමට පසුව තවත් ඉතිරි වුණේ නම් මෙලෙස අවුරුදු උත්සව සැමරීම සඳහා අවුරුද්දට කලින් වැටුප් අවශ්‍යවන්නේ නැත. එහෙත් තත්වය එසේ නොවන කල තම වැටුප කලින් ලබාගෙන වියදම්කර අවුරුද්ද සැමරීමට අපට සිදුවී තිබේ. ගැටලූව පැන නගින්නේ මාසයේ ඉතිරි කාලයටය. කෙසේ හෝ මෙහි අවසාන අර්ථය තවත් මුදලකින් තම ණය ප්‍රමාණය ඉහළ යාමයි. රටේ ආදර්ශය ලබාගන්නා මහජනතාවද ණයට මුදල් ගෙන උත්සව හා සංදර්ශන පවත්වයි. අනෙක් අතට වෙළඳපොළ ආර්ථිකයක් පවතින ආර්ථිකයක මෙවැනි සංස්කෘතික වටිනාකම් වෙළඳපොළ ගනුදෙනුවක් බවට පත්වේ. අවුරුදු ගමන් යෑමට තෑගි අවශ්‍යවේ. ඒවා බොහෝවිට පාරිභෝගික භාණ්ඩයන්ය. වෙළෙන්දන් අවුරුදු කාලයට තම ලාභ රේට්ටුව වැඩිකර ගැනීමට අවශ්‍ය කරන උපක්‍රම සකසයි. එවිට අප අවුරුද්ද සැමරීමට තෝරාගන්නේ එසේ අලෙවිකරණ උපක්‍රම හරහා විකුණාගන්නා භාණ්ඩයි. ඒ අනුව අවුරුද්දට කැවුම් බදින්නේ නැත. කොකිස් අතිරස හදන්නේ නැත. ඒ සියල්ල මිලට ගන්නේ කඩෙනි. ඔංචිලි බැදීමට ගස් නැත. ඒ වෙනුවට ඔංචිලි පැදීමට යෑමට සිදුවන්නේ පාක් එකටයි. කැට ගසනවා වෙනුවට කැසිනෝ ගසතිි. අවුරුදු උත්සව නැත. තියෙන්නේ ලක්ෂ ගණන්් වියදම් කර පවත්වන සංගීත සංදර්ශනයයි. අවුරුදු කාලයට වැඩියෙන්ම අලෙවි වන දේ අතර ප්‍රධාන තැනක් ගන්නේ මත්පැන්ය. මෙසේ අතීතයේ සංස්කෘතික වටිනාකම් සමග බැඳුනු උත්සවයක් වෙළදපොළ වටිනාකම් බවට පරිවර්තනය වන්නේ ධනේශ්වර අර්ථක්රමයත් සමගය. අනෙක් අතට එවැනි උත්සව සැමරීමට සමත් ආර්ථික හැකියාවක් රටේ ජනතාවට තිබේද යන්නයි. මිනිසුන්ගේ අධ්‍යාත්මික හැදියාවන් ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රමවේදයන් නොමැති වෙළඳපළ ක්‍රමයක් තුළ තවත් ණයකාරයන් බිහිකරනවා හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැත. හැමදාම අවුරුදු නැති දුප්පතුන්ට කවදාවත් අවුරුදු එන පාටක් නැත. එනිසාම වෙළදපොළ ක්‍රමයක් තුළ පවතින සංස්කෘතික උත්සවයකට රජයෙන් නැකැත් පමණක් දීමෙන් සැබෑ සතුටින් සහ සාමයෙන් පිරි සුබ නව වසරක් බහුතරයකට ලැබෙනවාදැයි සිතීම දුෂ්කරය.
වරලත් ගණකාධිකාරි සුනිල් කුමාර ගමගේ (ලංකා ඉරිදා සංග්‍රහය)









