බුදු උපත කොහෙ උනත් නිවනට බාධා නෑ

දඹදිව යෑම තේරුමක් නැති බවත් දහමට ස්ථාන පිළිබද ප්‍රශ්නයක් අදාල නොවන බවත් උඩුවේ ධම්මාලෝක හිමියන් පවසති. සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් උන්වහන්සේ පවසන්නේ තමන් කළ ප්‍රකාශය පිළිබද සමහර නායක හාමුදුරුවු වලිගය පාගාගත් බවයි.

බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනාය කියන්න ඇති සාක්ෂි මොනවාදැයි මාධ්‍යවේදියා උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසන්නේ ‘මම ඒ තැන් මේ වෙලාවේ හඳුන්වා දෙන්න යන්නේ නැහැ. මම මෙහෙම උත්තරයක් දෙන්නම් අර මීවනපලානෙ හාමුදුරුවන්ගේ පොත කියවල ඒ ගැන අධ්‍යනයක් කරන්න’ යනුවෙනි.

බුදුන්වහන්සේ කොහෙ ඉපදුනත් නිවන් දැකීමට එය බාධාවක් නොවන බවද වැඩිදුරටත් උන්වහන්සේ පවසති.

Facebook
Twitter
LinkedIn