ඉන්දියාව ශ්‍රී ලංකා නි. මහ කොමසාරිස්ගේ වීසා ප්‍රමාද කරයි.

ශ්‍රී ලංකා රජය විසින් තමිල්නාඩුවට පත්කරනු ලැබූ නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ඉන්දියාව මගින් වීසා ලබාදීම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.

නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ඒ. සබ්රුල්ලා ඛාන් මහතා පසුගිය දෙසැම්බරයේදී පත් කරනු ලැබූ අතර රාජතාන්ත්‍රික වීසා අයදුම් කර ඇති අතර මේ වනතෙක් ඉන්දීය රජය විසා නිකුත් කර නොමැත.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙකු වන බිරේන්ද්‍ර සිං මහතා පවසන්නේ නව දිල්ලියෙන් මේ සඳහා අනුමැතිය ලැබිය යුතු බවයි.

Facebook
Twitter
LinkedIn