පාසල් නඩත්තුව වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම සඳහා ගෙන එන ලද චක්‍රලේඛ අහෝසි කරන ලෙස ඉල්ලා ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා විසින් ඌව පළාත් සභාවට ගෙන එන ලද යෝජනාවක් වැඩි ඡන්ද 05කින් සම්මත වී තිබේ.
මෙහිදී එ.ජා.ප. මන්ත්‍රීවරුන් සිව්දෙනා යෝජනාවට පක්ෂව ඡන්දය පළ කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
පාසලේ මුදල් එකතු කිරීමක් වෙනුවෙන් හොරණ දැරියකට පොල් සොරකම් කිරීමට සිදුවීම නිසා පාසල්වල මුදල් එකතු කිරීම්වලට එරෙහිව ජනමතයක් ඇතිවූ අතර ආණ්ඩුව මුදල් එකතු කිරීම අහෝසි කිරීම සඳහා යැයි කියමින් නිකුත් කළ නව චක්‍රලේඛය මගින් මුදල් එකතු කිරීමේ පැරණි චක්‍රලේඛ නැවත තහවුරු කර ඇති බවද පැවසේ.
Views: 0









