උදයන් පුවත්පට සිදුකරන ලද පහරදීම දැඩිව හෙළාදකින බවත් මෙය හුදු ජනමාධ්‍ය ආයතනයක කාර්යාලයකට පහරදී එහි පුවත්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීමක් පමණක් නොවන බවත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරාගැනීමට කරන ලද නින්දිත උත්සාහයක් බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති එහ නිවේදනය සම්පූර්ණයෙන් පමත පළවේ.
“යාපනයේ පළවන උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට අද (03) අළුයම නාඳුනන පිරිසක් විසින් පහරදී ඇති බවත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සිව්දෙනෙකුගෙන් දෙදෙනෙක් කිලිනොච්චි රෝහලට ඇතුලත් කර ඇති බවද ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ. එසේම කාර්යාලයේ පරිගණක යන්ත්‍රයක්ද කඩා බිඳ දමා ඇති බව සඳහන් වේ.
මෙය හුදු ජනමාධ්‍ය ආයතනයක කාර්යාලයකට පහරදී එහි පුවත්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීමක් පමණක් නොව. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරාගැනීමට කරන ලද නින්දිත උත්සාහයකි. එම සිදුවීම අපි දැඩිව හෙළාදකිමු. අපි මෙය මෙයාකාරයේ පළමු පහරදීම නොවන අතර දිගින් දිගට සිදුවන ක්‍රියාදාමයක් බවට පත්වී තිබේ. උදයන් පුවත්පත් කාර්යාලය ගිනිතැබීමක්, මාධ්‍යවේදීන්ට පහරදීමක්, තිනකුරල් පුවත්පතේ අලෙවි නියෝජිතයාට සිදුකරන ලද පහරදීමක් ආදී වශයෙන් මෙම සිදුවීම් දිගහැරෙමින් තිබේ.
මේ සියලු ප්රහාරයන් සිදුකර ඇත්තේ, නාඳුනන කණ්ඩායම් බවට ප්‍රකාශ වන නමුදු මෙම නාඳුනන පුද්ගලයින්ගේ අනන්‍යතාවය නොදන්නේ නීතිය ක්‍රියාත්මක කරවන අංශ පමණි. ඔවුන් කවුරුන්දැයි තවදුරටත් ජනතාවට රහසක් නොවේ. ආණ්ඩුවේ වුවමනාව පරිදි කි‍්‍රයාත්මක ආණ්ඩුවේ ආරක්ෂක අංශවල කොටස් මෙම සිදුවීම් පිටුපස වන බව අද නොදන්නේ පොලිස් පොත පමණි. මන්ද යාපනය ප්‍රදේශයේ ජනතාවගේ සිතිවිලි පාලනය කිරීමට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුවටය.
උතුරේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමට තමන් සූදානම් බවට කියමින් සිටින ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පැහැරගැනීමට හා බලහත්කාරය මගින් මාධ්‍ය නිදහස වළලා දැමීමට කටයුතු කරමින් සිටී. මේ තත්වය තුළ ආණ්ඩුවට ඇතිකරවන්නට වුවමනා ප්රජාතන්ත්රවාදයේ දිග පළල පිළිබඳව ඕනෑම අයෙකුට සිතාගැනීමට හැකිය. ආණ්ඩුව පුනපුනා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් යාපනය ප්‍රදේශයේ ජනජීවිතය යථාවත් කර ඇති බවය. ආණ්ඩුව කිසිදු ලැජ්ජාවකින් තොරව ජාත්‍යන්තරයටද ඒ බවට වාර්තා ඉදිරිපත් කරමින් සිටී. පුවත්පත් ගිනි තැබෙන්නේ, මාධ්‍යවේදීන්, පුවත්පත් බෙදාහරින්නන් පහරකෑමට ලක්වන්නේ මේ වාර්තා කියවා අවසන් වීමටත් පෙරය.
ආණ්ඩුව මානව හිමිකම් ක්ෂේත්රයේ මෙබඳු අමනෝඥ ‘අත්හදාබැලීම්’ සිදුකරමින් සිටින්නේ, පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනා සම්මතයක් අනුව ආණ්ඩුවේ හැසිරීම නිරීක්ෂණයට ලක්ව සිටියෙදීම වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ මුග්ධ බව මිස වෙනකක් නොවේ.
මෙම පුවත්පත් කාර්යාලයට පහරදීමේ සිදුවීමට වගකිවයුතු සියලූදෙනාට එරෙහිව නොපමාව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන අපි ආණ්ඩුවේ ප්රජාතන්ත්රවිරෝධී හැසිරීමට එරෙහිව අත්වැල් බැඳගන්නාමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.”









