කොළඹ හෝටල් සේවකයන්ට සමාජ රෝග බහුලයි

කොළඹ නගරයේ පිහිටි සියලු හෝටල් හා ආපන ශාලාවල සේවය කරනු ලබන 4,400 ක්‌ පමණ වන සේවකයන්ගෙන් 10%ක්‌ බෝවන, ශ්වසන හා සමාජ රෝගවලින් පෙළෙන බව වෛද්‍ය පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

කොළඹ නගරයේ පිහිටි සියලු මහා පරිමාණ, මධ්‍යම හා සුළු පරිමාණ හෝටල් හා ආපනශාලා ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම වෛද්‍ය පරීක්‍ෂණවලදී පරීක්‍ෂණයට භාජනය කරන ලද හෝටල්/ආපනශාලා සේවකයන්ගෙන් බහුතරය එනම් 377 දෙනකුම පැරටයිෆෝයිඩ් රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. රෝගවලට ගොදුරුව ඇති බව අනාවරණය වූ සෙසු හෝටල් සේවකයින් සැල්මොනෙල්ලා, හෙපටයිටිස්‌ හා සමාජ රෝග මෙන්ම ශ්වසන රෝගවලින් පෙළෙන බව අනාවරණය වී ඇත.

Facebook
Twitter
LinkedIn