මාර්තු ඉන්ධන සහනාධාරය තවමත් නැහැ – රත්න ගමගේ

ඉන්ධන මිල වැඩිවීමත් සමග එය පහත හෙළන්නැයි ධීවරයින් විරෝධතා දක්වද්දී එය යටපත්කිරීම සඳහා ධීවරයින් සඳහා ලබා දුන් ධීවර ඉන්ධන සහනාධාරය කූපන් පත් හරහා සිදුවෙන විවිධ අක්‍රමිකතා නිසා මේ වනවිට එම සහනාධාරය ලබාදීම නතර කර ඇතියි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්නගමගේ මහතා පවසයි.

මේ හේතුව නිසා මාර්තු මාසය සඳහා නිකුත් කරන සහනාධාර කූපන් පත් මේ දක්වාත් ලබාදී නොමැති බවද ඔහු සඳහන් කරයි.

මෙවැනි ඉන්ධන සහනාධාරයකින් පළක් නොමැති බැවින් වහාම ඉන්ධන මිල පහත හෙළන ලෙස ඔහු රජයට බලකර සිටී.

මෙම ඉන්ධන සහනාධාරය තුළින් තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බැවින් ඉන්ධන මිල පහත හෙළන ලෙස ධීවර කාර්මිකයින්ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉන්ධන සහනාධාරය ප්‍රෝඩාවක් බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්නගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn