ප්‍රින්ස් ගුණසේකරයන් අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රින්ස් ගුණසේකරයන් අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රකට මානවහිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ අධිනීතීඥ ප්‍රින්ස් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1960 – 1970 වකවානුවේ හබරාදූව ආසනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වනවිට 94 වන වියේ පසුවිය.

ශ්‍රී ලංකා වාමාංශික ඉතිහාසයෙහි එක් යුගයක නියෝජනයක් වූ ප්‍රින්ස් ගුණසේකර මහතා 1924 ජූලි 17 වනදා හබරාදූව කතළුව ගම්මානයේදී උපත ලැබීය.

1988 – 1989 රාජ්‍ය භීෂණය හමුවේ දිවි ගලවා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය වෙත යන ඔහු අභාවප්‍රාප්ත වන තුරුම එහි ජීවත් විය.

මන්ත්‍රීවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා නීතීඥවරයෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස කළ සේවය අති විශාලය.

හෘදසාක්ෂියට එකඟව වාමාංශික දේශපාලනයෙහි නිතරව, පසු කලෙක රාජ්‍ය භීෂණයට එරෙහිව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිට ඔහු බ්‍රිතාන්‍යයේ සිටියදීද බැරිස්ටර් වරයෙකු ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසත් කටයුතු කළේ ය.

1971 කාල වකවානුවේ සිටම ජනතා විමුක්ති පෙරමුණට නීති උපදෙස් ලබා දෙමින් විශාල මෙහෙයක් සිදු කළ ඒ මහතා 1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර මහතා තරඟවදින විට ඔහුගේ නීති උපදේශක ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn