පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතවීමෙන් පසු වාර්ෂිකව සංවිධානය කරන සුහද සාදයකට පැමිණි මහින්ද පිල නියෝජනය කරන තරුණ නවක මන්ත්‍රීවරයකු අධික ලෙස බීමත්ව තරුණ මන්ත්‍රීවරියන් ඉදිරියේ අශීලාචාර ලෙස හැසිරී ඇති අතර එහි සිටි මහින්ද පිලේ මන්ත්‍රීවරයකුගේ පිට ප්‍රදේශය සපා කා තවත් මන්ත්‍රීවරුන්ගේ නහය සපා කා යකා නැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දැඩි විරෝධය දක්වති.
එම මන්ත්‍රීන් පවසන්නේ මහජන නියෝජිතයන් වශයෙන් මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි.
පානදුර ප්‍රාදේශීය සභාවේ වාර්ෂිකව අයවැය ලේඛනය සම්මත වීම නිමිතිකොට ගෙන මෙම සාදය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට තිබූ අතර එහිදී ආහාර පාන සංගීතය, මධුවිත ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණි. සිද්ධියට සම්බන්ධ තරුණ මන්ත්‍රීවරයා තමන්ගේ තරමට වඩා මධුවිතින් සප්පායම් වී මන්ත්‍රීවරුන්ට බැණ වදිමින් අශෝභන ලෙස හැසිරෙමින් කටයුතු කර තිබේ.
මෙම සාදය පානදුර දිග්ගල ප්‍රදේශයේ හෝටලයකදී සති අන්තයේ දිනක පවත්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෙම සාදයට සහභාගි වී තිබේ.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙක් සහභාගී වී නොමැති වීමද විශේෂත්වයකි.
මහින්ද පිලේ මන්ත්‍රීවරු පිරිස ජල තටාකයේ බැස විනෝද වෙමින් සිටියදී අධික ලෙස බීමත්ව පැමිණි මන්ත්‍රීවරයා මෙසේ අවිනීතව හැසිරෙද්දී මහින්ද පිලේ නවක මන්ත්‍රීවරියන් කිහිප දෙනකුද එම ස්ථානයේ සිටි ඇත. අධික ලෙස වෙරිමතින් සිටි මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත් කිරීමට සංවිධායකවරුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර ඔහු පදවාගෙන ආ මෝටර් රථය වෙනත් මන්ත්‍රීවරයකු විසින් පදවාගෙන ගිය බවද වාර්තා වේ.










