ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අද(26) ආරම්භ වූ අතර දිනය නිමාවී තරඟය නතරකරන විට ශ්‍රී ලංකා කණ්ඩාම කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුතාවට පත්වූ නවසීලන්ත කණ්ඩායම සියළු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 178කි.

එහිදී සුරංග ලක්මාල් පන්දුවාර 19කදී ලකුණු 54ක් පමණක් ලබාදෙමින් නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් බිද දැමීමට සමත් වූ අතර ලහිරු කුමාර නවසීලන්ත ඉනිමේ කඩුලු 3ක් බිදදැමීමට සමත්විය.

නවසීලන්ත ඉනිමේ තරමක් සාර්තක වූ පිතිකරුවන් වූයේ ටීම් සවුති, රෝස් ටේලර් සහ ජෝන් වොට්ලින් ය. ඔවුන් පිළිවෙලින් ලකුණු 68, 27 හා 46 බැගින් රැස් කළේය. අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවීමට සමත් වූයේ නැත.

Facebook
Twitter
LinkedIn