වැලිකඩ 27ක් ඝාතන සිද්ධියේ පළමු සැකකරු තවදුරටත් රිමාන්ඩ් – දෙවන සැකකරුට ඇප

වැලිකඩ 27ක් ඝාතන සිද්ධියේ පළමු සැකකරු තවදුරටත් රිමාන්ඩ් – දෙවන සැකකරුට ඇප

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ  (24) නියෝග කර තිබේ.

සිද්ධියට අදාල පළමු සැකකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ දෙවන සැකකරු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.

දෙවන සැකකරු වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සිද්ධියට අදාලව මාස 6ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර ඉකුත් ඔක්තෝබර් මස 21 වැනිදා ඔහු ඇපමත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නැතිබැවින් පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරතිබේ.

Facebook
Twitter
LinkedIn