කෙන්යාවේ මොම්බාසා වරාය චීනයට සින්නවන ළකුණු

කෙන්යාවේ මොම්බාසා වරාය චීනයට සින්නවන ළකුණු

කෙන්යාවේ ප්‍රධානම වරායක් වන මොම්බාසා වරාය චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම්  (China Exim Bank) බැංකුවට සින්නවීමේ අවධානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොම්බසා වරාය සහ එහි සියලු වත්කම්, කෙන්යාවේ පරමාධිපත්‍ය බලයට යටත් නොවන ඇපකරයක් බවට කොන්දේසි පණවමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක මුදලක් කෙන්යා රජය ලබාගෙන ඇති අතර එම මුදල කෙන්යා දුම්රිය සමාගමේ කටයුතු සඳහා යොදවා තිබේ. එම මුදල් මොම්බාසා – නයිරෝබි දුම්රිය මාර්ගයක් ඉදිරිකිරීම වෙනුවෙන් වැයකොට ඇති බවත් එම ඉදිකිරීම් සඳහා සේවා සපයා ඇත්තේ ද  China Roads and Bridges Corporation (CRBC) යන චීන සමාගමක් වන විසිනි. මෙම සමාගම ද, චීන රජයට අයත් China Communications Construction Company (CCCC) ට අනුබද්ධිත ය.

කෙසේ වෙතත් කෙන්යාවේ විගණකාධිපති එෆ්. ටී. කිමානි ප්‍රකාශ කර සිටියේ චයිනා එක්සිම් බැංකුව වෙත කෙන්යාව ගෙවීමට ඇති ණය වාරික, පොරොන්දු වූ පරිදි ගෙවීමට නොහැකි වන්නේ නම්  මොම්බසා වරාය චීනයේ දේපළක් බවට පත්වීමේ අවධානමක් ඇති බවයි.

Facebook
Twitter
LinkedIn