ආක්‍රමණික “සේනා” දළඹුවා සිදු කරන විනාශය ඉතා විශාලයි

ආක්‍රමණික “සේනා” දළඹුවා සිදු කරන විනාශය ඉතා විශාලයි

නයිජීරියාවෙන් හමු වූ සේනා දළඹුවා මේ වනවිට ලංකාව ආක්‍රමණය කර ඇති බවත් මේ තත්වය තුළ ගොවිබිම් විනාශවන ගොවි ජනාතව ගැන ආණ්ඩුව වගකිවයුතු බවත් ආක්‍රමණික “සේනා” දළඹුවා මර්ධනය කිරීමට වහාම පියවර ගත් යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ මෙම දළඹුවා කලක් ඉන්දියාවද ආක්‍රමණය කර තිබූ නමුත් මේ වනවිට ඉන්දියාව මෙය මුළුමනින්ම මර්ධනය කර ඇති බවයි.

ලංකාවේ මෙම දළඹුවා පළමුවෙන්ම අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවූ බවත් ඉන් පසු මේ වනවිට මාතලේ අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක ගණනාවකට පැතිර ගොස් ඇති බවත් අවධාරණය කරන නාමල් කරුණාරත්න මහතා පවසන්නේ බඩඉරිගි හේන් යායවල් පිටින් විනාශවීමේ අවධානමක් මේ වනවිට මතුව ඇති බැවින් මෙම දළඹුවා වමර්ධන කිරීමටත් මෙහි බලපෑම මුලුමුනින්ම අහෝසි කර දැමීමට කටයුතු කළ යුතු බවත්ය.

මේ වනවිට ඉඩඉරිඟුවලට අමතරව ගොයම් සහ රටකජුවලටද ඉඩඉරිඟු ආශ්‍රිතව වගා කර ඇති වෙනත් බෝගවලටද එම දළඹුවා පැතිරයමින් පවතින බවත් එහි සභයාට සුලඟ භාවිතා කරමින් කිලෝමීටර් 100ක පමණ දුරක් පියඹා යා හැකි බවත් නාමල් කරුණාරත්න මහතා අවධාරනය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ, මධ්‍යම පළාත තුළ  බඩ ඉරිඟු වගාව ආශ්‍රීතව පැතිර යන “සේනා” දළඹුවා වෙනත් බෝග වෙතද පැතිරීමේ අවදානමක් ඇති බැවින් ගොවීන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මධ්‍යම පළාතේ වලපනේ, නාවුල, විල්ගමුව, දොළුව සය හසලක උල්පතගම ඇතුළු ප්‍රදේශවල පැතිරෙමින් පවතින බවත් මෙම සේනා දළඹුවාගේ හානිය මර්දනය කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ සහය ඇතිව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

බඩඉරිගු ආශ්‍රිතව බෝග වගා කර ඇති අනෙකුත් බෝගවලටද මෙම දළඹුවා පැතිරීමේ අවදානමක් පවතින බැවින් සහ මෙම දළඹුවා අතිශයින් හානිකර දළඹුවකු නිසාත් ගොවීන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බව බවද සෙනවිරත්න මහත්මිය පැවසුවාය.

යම් බෝගයක දළඹුවාගේ හානිය දැක ගත හැකි වුවහොත් ළඟම පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසත් පළාත් අතිරේක කාෂිකර්ම අධ්‍යක්ෂ කුසුම් සේනෙවිරත්න මහත්මිය තව දුරටත් පැවසුවාය.

Facebook
Twitter
LinkedIn